Saturday, November 5, 2011

Pen drive එකේ Folders ඔක්කොම Shortcut වෙලාද? මෙන්න විසදුම




මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේක. Virus එකක් මගින් පෙන් එකේ තියන සේරම ‍Folders Shortcut බව‍ට හරවනවා. එතනින් පස්සේ අය ඒක open කරගන්නවත් අපිට බැහැ. ඒත් සමහර වෙලාවට නම් Right click කරල open කරහම folder එක open වෙනව. ඒකත් හැම Computer එකේම නෙමෙයි. සමහර Computer වල විතරයි ‍එහෙම වෙන්නේ.. එතින් එහෙම වුනාට පස්සේ ඒ folders ආපහු තිබුණ විදිහට හදා ගන්න ක්‍රම කීපයක් තියනවා. ඒකෙන් ලේසිම ක්‍රමය තමයි මම කියන්න යන්නේ
මම පියවරෙන් පියවර කියල දෙන්නම්


පලමුවෙන්ම Windows Key එකත් එක්ක R key එක ඔබලා Run Window එක අරගන්න. එහෙම නැත්තන් කෙලින්ම Start ගිහින් Run click කරන්න.

ඊට පස්සෙ එකේ cmd කියලා type කරල enter කරන්න

දැන් cmd window එකේ මම පහලින් දාලා තියන Command එක copy කරල paste කරන්න. මතක තියාගන්න cmd window එකේ paste කරන්න mouse එක යොදාගන්න. මොකද ctrl + V cmd window එකේදි වැඩ කරන්නෙ නැති හින්දා.

attrib -h -r -s /s /d g:\*.*

මෙතන g කියල තියෙන්නේ Pen drive එකේ letter එක. ඒකියන්නෙ my computer  එකට ගියහම ‍pendrive එක පෙන්නන letter එක.  ඔයාලගේ computer එකේ පෙන්නන letter එක g වෙනුවට මෙතන Command එකේ යොදන්න. දැන් enter කරන්න. තත්පර කීපයක් ඇතුලත වැඩේ වෙයි. ආපහු pen drive එකට ගිහින් වැඩක් නැති short cut ටික delete කරල දාන්න. ඒ වෙනුවට Original folders ටික පෙන් එකේ නිකන්ම හැදිලා ඇති. 








බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

2 comments:

you have to log in with your administrator account

Post a Comment