Wednesday, December 15, 2010

Files සහ Folders හංගන/ ලොක් කරන ලේසිම සහ හොදම ක්‍රමය මෙන්න.( Software අවශ්‍ය නැත.)




















ඔන්න අද මම කියන්න යන්නේ maxxa වැඩ කෑල්ලක් ගැන. අපිට කියලත් privacy එකක් තියනවනේ.. :) අපිට අත්‍යවශ්‍ය වන Documents එහෙම කාටවත් නොපෙනෙන විදිහට එහෙම නැත්තන් කාටවත් ඒ Documents තියන තැනට කිසිම විදිහකින් යන්න බැරි වෙන්න හදා ගන්න නොයෙකුත් Software දැන් තියනවා. ඒත් මම දැන් කියන්න යන්නේ කිසිම Software එකක් අවශ්‍ය නැති Folders හංගන හොදම ක්‍රමයක් ගැන...හ්ම්ම් දැන් අපි වැඩේට බහිමු. ඉස්සල්ලම හංගන්න ඕන Folder එක තියන තැනට ගිහින් ( හංගන්න ඕන Files එහෙම තියනවනම් ඔක්කම එකම Folder එකට දාන්න) Folder එකට පොඩි ලේසි නමක් දෙන්න(ඇත්තටම ඒක එච්චර වැදගත් නම් නෑ. ලේසියටයි මම එහෙම කිව්වේ.) මගේ ලේසියට ඔයාලට කියල දෙන්න මම folder එක rareshare කියල නම් කරා.... :)

1) දැන් notepad open කරගන්න.. ඊට පස්සෙ මම පහලින් දාලා තියන Code එක Copy කරල notepad එකේ paste කරගන්න. දැන් ඒක අපිට හංගන්න ඕන Folder එක තියන තැනම Do.bat කියල save කරන්න.

සැ.යු : rareshare කියල තියෙන්නේ Folder එකේ නමනෙ. එතනට ඔයාලගෙ  folder එකේ නමක් දාගන්න.
  ren rareshare rareshare.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}
2)  දැන් අයමත් notepad open කරන්න. දැන් මම පහලින් දාලා තියන Code එක අරවගේම Paste කරලා Undo.bat කියලා එතනම save කරන්න.
ren rareshare.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} rareshare
හ්ම් දැන් වැඩේ හරි.. :) Do.bat එක Double Click කරහම අපේ Folder එක Control Panel වලට යන Shortcut එකක් වෙනව.. :) කොහොමද වැඩේ. එතකොට අපි ඒ shortcut එකට Double click කරපු ගමන් යන්නේ Control panel වලට. එතකොට කිසිම විදිහකින් කාටවත් Folder  ඇතුලෙ තිබුන Documents වලට යන්න වෙන්නේ නෑ. හැබැයි ඒ shortcut එකේ properties බැලුවහම අපේ folder එක අරන් තිබුන Capacity එකම පෙන්නනවා.  Undo.bat එක Double click කරපු ගමන් අරක අපහු අපේ තිබුන normal folder එකම වෙනව.

දැන් මෙහෙම දෙයක් තියනවා. කවුරුහරි ඔය Undo.bat එක Double Click කරොත් එයාට අපේ Folder එක ඇතුලට යන්න හැකියාව තියනවා. මම Do/Undo කියලා ගත්තෙ ඔයාලට කියල දෙන්න ලේසි වෙන්න. කාටවත් Click කරන්න නොහිතෙන්න ඒවා rename කරන්න ඔයාලා වගබලා ගන්න. විශේෂයෙන්ම Undo.bat එකට. මොකද ඒකෙන්නෙ Folder unlock කරන්න පුලුවන් වෙන්නේ.

සැ.යු : Do සහ Undo යන bat file දෙක අපේ folder එක තියන තැනම Save කරන්න අමතක කරන්න එපා. වෙන තැනක save කරොත් වැඩේ වෙන්නෙ නෑ හොදද. තවදුරටත් අපහැදිලි නම් පහල තියන වීඩියෝ එක බලන්න. ඒත් අපහැදිලි නම් Comment එකක් දාන්න මම කියලා දෙන්නම්.



10 comments:

ayya mata alert pay account ekak arina hati itha saralawa kiala denna puluwanda,mam ekak haduwa eth email ekak awe na active karaganna,email ekak alert pay eken ewanawa neda,please ayya kiyala denawada

MEKE VIDIOS EKAKUTH THIBBA NAM HODA AIYA VIDIO EKA WADA KARANNE NA OYA DALA THIYANA

@ jackson : malli mama alertpay gana wadiya adyanaya karala nam na..kamak na mama poddak egana hoyala balala article ekak dannamko.;;)
@ anonymous : malli vedio eka wada karanawane...oyage pc eke plugins monawa hari nadda danna..chuttak ayamath check karala balala vedio eka wada naththan mata kiyanna.. :-/

windows 7 walata meka hariyanne ne

ඔව් යාලුවා මේ ක්‍රමය හරියන්නෙ XP වලට විතරයි. Windows 7 වලට වෙන ක්‍රමයක් හොයන්න වෙනවා.. :(

මේකත් නියමයි try කරලා බලන්නකෝ
ඉස්සලම cmd type කරලා camandprompt එකට යන්න
අපි හිතමු d: එකේ new කියල folder එකක් තියනවා කියල
ඉස්සල්ලම d: enter කරන්න
එතකොට d: එකට යනවා
ඊට පස්සේ මේ camand aka ටයිප් කරන්න
attrib +r +s +h ඊට පස්සේ තමන්ගේ file name ඒක දෙන්න
ඊට පස්සේ enter ඔබන්න
eg:attrib +r +s +h new ගහල enter කරන්න.
ඔබගේ file ඒක ඇති hard එකේ නම ගහල මේ camand ඒක දෙන්න
හැබැයි මතක තියා ගන්න space ඒ විදිහටම තියන්න
මේක xp vista 7 ඔක්කොගෙම 100% වැඩ
try කරලා බලන්න

මට කියන්න අමතක උනා file එක අපහු ගන්න + වෙනුවට - ගහන්න
eg: attrib -r -s -h new kiyala ok.

ගොඩක් ස්තූතියි යාලුවා Comment එකට. ඒත් ඔයා කියලා තියෙන්නෙ files සහ Folders hidden කරන Dos command එක. Tools => Folder Option => Show Hidden Files ටික් කරපු ගමන් Folder එක අයමත් පෙන්නනවා.

එලකිරි ඔහොම යං

Post a Comment