Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?

හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා.

Windows 7 Genuine Advance Notification එක කරදරයක් ද ?

මේක Translate කරන්න ඕන නෑනේ ඕනම ‍කෙනෙක්ට මේක කියෙව්වහම හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මේක Translate කරන්න මට කම්මැලියි ඒකයි. නැතුව මට English එහෙම බැරුව නෙමෙයි හොදද. :P එහෙනම් කියවලම බලන්නකො.

ඉතාම සරල පුංචි Computer Virus එකක් සාදා යාලුවෙක්ව බය කරමුද ?

Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...මේක computer prank එකක්..prank එකක් කියන්නෙ විහිලුවට රවටනවා කියන එකයි... :) හිහිහිහි.....මගෙ studies නිසා සෑහෙන කාලෙකින් post එකක් දැම්මෙත් නැති නිසා මේක කොහොමද කියලා බලන්නකො.

වැස්ස කාලෙට Rain Windows 7 Theme එක 2011

අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක් blog එක කර‍ගෙන යන්න වෙන්නෙ නෑ.

Wednesday, March 21, 2012

Download ISO for All Versions of Windows and Office




මේක හුගක් වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද Windows 95 වල ඉදන් Windows 7  වෙනකනුත්. ඒ වගේම Office XP වල ඉදල Office 2010 වෙනකනුත් ISO Images ටික මම දෙන්න යන්නේ. කාටවත් තමන්ට ඕන Windows හරි Office හරි හොයාගෙන එක එක තැන් වල රස්තියාදු වෙන්න ඕන නෑ. ඉතින් මේකට නම් බොරු වැල් වටාරම් ඕනෙ නෑනේ...කෙලින්ම වැඩේට බහිමු.

Windows 7 Tricks & Tips - වැදගත් සහ ආසහිතෙන වැඩ කීපයක්



මේ ටික මම හොයාගත්ත ඒවනම් නෙමෙයි හොදද..මොකද ඒක මුලින්ම කියල පටන් ගන්න ඕන නැත්තන් අපි ඔවා දන්නවා. අපිට ඕවා වැඩක් නෑ වගේ Comment තමයි මට එන්නේ..හිහිහි..දන්නව වෙන්න පුළුවන් ඒත දන්නේ නැති අයටත දැනගන්නයි මම මේවා දාන්නේ. ටිකක් අන්තර්ජාලයේ සැරි සරන කොට හම්බුන වැදගත් සහ හරිම Interesting වැඩ කීපයක් ගැන තමයි මම අද කියන්න යන්නේ. එහෙනම් වැඩ පටන් ගමු.

Friday, March 16, 2012

Apple iPad Sri Lankan Version. ලංකාවට පමණයි!



අද apple සමාගම විසින් එයාලගේ නවතම iPad HD එක out කරානේ....හ්ම්ම් මේක දැක්කහම ඔයාලට පුදුම හිතෙන්න ඇති නේද Apple සමාගමෙන් ලංකාවට ඇත්තටම Apple iPad එකක් out කරලද කියලා..හිහිහි.. ඒක ඔයාලම මේක බලල තීරණය කරන්නකො හොදද. මේ Apple iPad එකේ නම Apple iYo. ටිකක් හිනා වෙලා ලේ පිරිසිදු කරගන්නයි මම මේක දාන්නේ.

Wednesday, March 14, 2012

අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන්ම වැඩ ගමු. Put the Internet to Work For You (නොවරදවාම මෙය කියවන්න)




මෙහෙමයි මේක මම හිතන විදිහට ගොඩක් අය දන්නෙ නැතුව ඇති. අන්තර්ජාලය හරහා අපට කරන්න පුලුවන් දේ මෙතෙක් කියලා නිම කරන්න බැහැ. ඉස්සල්ලම මම ඔයාලට ඉගියක් දෙන්නම්. කොහොමද Gmail එකට එන හැම mail එකක්ම phone එකට එනවනම්. නැත්නම් specific mail address එකකින් එන එකක් phone එකට එනවනම්. නැත්නම් කාලගුණ තත්වය msg එකකින් phone එකට එනවනම්. නැත්තන් අපිට හදිසි email එකක් Phone එකෙන් email එකට ලොග් වෙන්නේ නැතුවම  sms එකක් මාර්ගයෙන් යවන්න පුලුවන්නම්. නැත්තන් FB එක් අපිව tag කරපු photo එකක් එවෙලේම ඔයාලගේ Dropbox account එකේ storage එකේ save වෙනවනම්. නැත්තන් ඔයා Fb එකට upload කරන එක වෙන්නත් පුලුවන්. නැත්තන් twitter එකේ දාපු status එකක් එවෙලෙම fb එක් status වලට ඉබේම වැටෙනවනම්. නැත්තන් youtube එකේ ඔයාගේ favorite වලට add කරගන්න video එකක් ඉබේම ඔයාලගේ Wordpress එකේ post එකක් විදිහට වැටෙනවනම්. මම කිව්වේ කරන්න පුලුවන් දහසක් දේ වලින් ඉතා සුලු ප්‍රමාණයක් විතරයි. අනිත් එක මේ සියලු දේවල් නොමිලේ වීම තමයි ඉතාම වැදගත්. අනිත් එක මේ සියලු දේවල් එකම තැනින් කරන්න පුලුවන් වීම තමයි අනිත් වැදගත් කම.

Saturday, March 10, 2012

Windows 8



මයික්‍රොසොෆ්ට් සමාගමෙන් Windows XP එලියට දැම්මට පස්සේ සෑහෙන්න ජනප්‍රිය වුනා. එතනින් පස්සේ Windows Vista ආවත් ඒක අසාර්තක වුනා. ඒත් ඊට වැඩි කාලයකට මත්තෙන් ඉතාමත් හොද ඒවගේම ඉතා ජනප්‍රියත්වයක් හිමිකරගත්  Windows 7 out කරන්න Microsoft සමාගමට හැකිවුණා. එතනින් නොනැවතුණු බිල් ගේට්ස් ප්‍රමුඛ මයික්‍රොසොෆ්ට් සමාගම දැන් තාක්ෂණයේ උපරිම කඩඉම් කරා ලගා වී Windows 8 අපට හදුන්වා දී තිබෙනවා.