Sunday, July 31, 2011

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු


 

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා. එකක් check කරලා ඒකෙන් log out වෙලා අනිත් එකට යන්න ඕන. එත් මම අද කියන්න යන්නෙ එකපාරින්ම mail දෙකම check කරගන්නෙ කොහොමද කියලා. හොදයි නේද වැඩේ.
මේක අපි කරන්නෙ අපේ Yahoo mail එකෙන්. ඒකෙන්ම gmail එකත් Check කරගන්න විදිහ තමයි දැන් කරන්න යන්නේ.

1. yahoo mail එකට ලොග් වෙලා අලුත් folder එක්ක හදාගන්න gmail කියලා
 2. ඊට පස්සේ option==> mail Option click කරන්න


 3. ඊටපස්සෙ එන options වල වම්පැත්තේ Accounts click කරන්න. ඒකේ Add Account click කරන්න.


 4. දැන් Sending mail Section එක මම පහල Screen Shot එකේ දාලා තියන විදිහට fill කරන්න.

* මෙතන email address එකට ඔයාලගේ gmail එක දෙන්න වගබලා ගන්න ඕන.

5. දැන් Receiving mail Section එකත් මම පහල Screen Shot එකේ දාලා තියන විදිහට fill කරන්න.



 6. දැන් save changes click කරන්න


 7. දැන් ඔයාලගේ gmail එකට yahoo account එක verify කරන්න email එකක් ඇවිත් ඇති. Gmail එකට ගිහින් ඒක verify කරන්න. දැන් අපහු yahoo එකට ඇවිත් ටික වෙලාවක් ඉදලා අපි හදාගත්ත Gmail folder එක දිහා බලන්න.

කොහොමද වැඩේ ... ‍හොදයි නේද.. ඔන්න වෙනද මට බනින අයට බනින් අවස්ථාවක් දුන්නා..දැන් හිතේ හැටියට බැනල comment දාලා යන්න. හිහිහිහිහි.... :P

3 comments:

නියමයි ලිපිය. ඔයාගේ බ්ලොග් ගැජට් ටිකක් අඩු කරානම් හොදයි වගේ Lood වෙන්න ගොඩක් වෙලා යනවා.

@Nadun Ranaweera
ඒක තමයි යාලුවා මම ගොඩක් කා‍ලෙකින් අයමත් මේක පටන් ගත්තෙ. කිව්වා වගේ gadget ටිකක් අඩුකරන්න ඕන. thanx comment එකට

Post a Comment