Friday, September 9, 2011

2011.09.26 සිදුවන්නේ කුමක්ද? ලෝක විනාශයද? ඇත්ත දැනගන්න



2011.09.26 ගැන අද හුගක් දෙනෙක් කතා කරන්න පටන් අරන් වගේම වෙන්නට යන්නෙ කුමක්ද කියලා හිතාගන්නට බැරුව ඉන්නේ. ඒත් කවුරු කොහොම විස්තර කරත් Nasa ආයතනය නම් කියන්නෙ වෙනම දෙයක්.. ඉස්සල්ල අපි බලමු මොකක්ද මේ සිද්ධ වෙන්න යන්නෙ කියලා..ඉතා දීර්ඝ කාලයක් තිස්සෙ පැවත ‍එන ධූම කේතුවක් නිසා තමයි දැන් මේ කතිකාවත හැදිලා තියෙන්නේ. ඒකේ නම Elenin. Comet C/2010X1 කියලත් කියනවා. Comet Elenin (Dwarf Star) කියලා තමයි හැමෝම කියන්නෙ. Comet කියන්නෙ ඉංග්‍රීසියෙන් ධුමකේතුවටනේ. හිහිහි.. ඉතින් මේ ධුම කේතුවට සූර්යා වටේ එක පාරක් යන්න වසර 10,000ක් පමන යනවා..මේක හොයාගත්තෙ රුසියානු තාරකා විද්‍යා‍ඥ Leonid Elenin , 2010 දෙසැම්බර් 10 වෙනිදා.


ඉතින් අපේ අවාසනාවට හෝ වාසනාවට මේ ධූමකේතුව සූර්යා ව‍ටා යන ඔහුගේ ගම‍නේ එක් සන්ධිස්තානයකට ඇවිත් ඉන්නවා. ඒකියන්නේ එය මේ වෙනකොටත් අපේ Solar system එකේ ඇතුල් පැත්තටම ඇවිල්ලා ඉවරයි. ඉතින් ඔහොම යන ගමනෙදි  එක එක Planets එක්ක align වෙනකොට භූමිකම්පා, කාලගුණික වෙනස්වීම් වගේම ධ්‍රැව වෙනස් වීම් ( Pole Shift ) සිද්ධවෙනවා කියලා Scientistලා අනාවැකි පල කරල තියනවා. වීශේෂම සිදුවීම් සිද්ධවෙන්නට යනවා යැයි සැක පල කරන්නෙ මම පහලින් දාලා තියන දින 03 ඇතුලත තමයි.

2011.09.26 - සුර්යා සහ පෘථිවිය මැදින් Elenin ගමන් කිරීම සහ එමනිසා Pole Shift එක්ක ඇතිවීම

2011.10.17 - Elenin පෘථිවියේ orbit එක මතට පැමිණීම සහ පෘථිවියට වඩාත් ආසන්න වන දවස

2011.11.22 - කලින් සිදුවුනු Pole Shift එකේ Reversal event එක සිදුවීම.(නැවත්ත සූර්යා පෘථිවිය සහ Elenin  ධූමකේතුව Align වීම හේතුකොට ගෙන)



නාසා ආයතනය විසින් Elenin හි ගමන් මාර්ගය අපිට බලන්න පුලුවන් ආකාරයකට animation එක්ක සකස් කරලා තියනවා. ඔවුන් Elenin ගැන අවධානය යොමු කරලා තියනවා වගේම මම ඉහත කී කරුණු හරියට තේරුම්ගන්න පුලුවන් වෙයි මේක බැලුවහම. ඔයාලම play කරල බලන්න මම පහල දාලා තියන link එකෙන්


Elenin ධූමකේතුව නිසා ඇතිවෙන්නට යන දේ ගැන විද්වතෙක් අදහස් දක්වමින් ඔහු විසින්ම සාදන ලද වීඩි‍යෝව බලන්න..




මම මුලිනුත් කිව්වා වගේ විද්වතුන් කේසේ අදහස් පල කරත් NASA ආයතනයනම් කියන්නේ Elenin කියන්නේ අනිත් ධූමකේතු වගේම අපිට කිසිම කරදරයක් නොගෙනෙන එකක් කියලයි.



කවුරු කොහොම කිව්වත් මිනිසුන්ගෙ හිත් වල තියන සැකය නැති කරන්න කාටවත් බැරි වෙන පාටයි.. සැප්තැම්බර් 26ට තව ටික දවසනේ.. අපි බලමු මොකද වෙන්නෙ කියලා..තවත් මේ ගැන අලුත් දේවල් දැන ගත්තොත් Comment එකක් දාන්න



බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

1 comments:

Post a Comment