Wednesday, March 21, 2012

Windows 7 Tricks & Tips - වැදගත් සහ ආසහිතෙන වැඩ කීපයක්



මේ ටික මම හොයාගත්ත ඒවනම් නෙමෙයි හොදද..මොකද ඒක මුලින්ම කියල පටන් ගන්න ඕන නැත්තන් අපි ඔවා දන්නවා. අපිට ඕවා වැඩක් නෑ වගේ Comment තමයි මට එන්නේ..හිහිහි..දන්නව වෙන්න පුළුවන් ඒත දන්නේ නැති අයටත දැනගන්නයි මම මේවා දාන්නේ. ටිකක් අන්තර්ජාලයේ සැරි සරන කොට හම්බුන වැදගත් සහ හරිම Interesting වැඩ කීපයක් ගැන තමයි මම අද කියන්න යන්නේ. එහෙනම් වැඩ පටන් ගමු.

1. God Mode Folder 


මේකෙන් කරන්නේ අපිට Windows 7 Customize කරන්න එක එක option තියනවනේ...., අන්න ඒවා එකම Folder එකක් යටතට ගෙනත් දෙන එක. ඒකියන්නේ Windows 7 වල තියන Settings සියල්ල God Mode Folder එක යටතට ගෙනත් දෙනව කියන එක. මේක කරන්න නම් මෙහෙමයි.


ඔයාලා Desktop එකේ New Folder එකක් හදාගන්න.
ඊටපස්සේ මම මේ යටින් දාලා තියන එක් Copy කරගෙන අර New Folder එකේ name එක විදිහට දීලා Enter කරන්න.


GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
දැන් බලන්නකො ඒ Folder එකට ගිහිල්ලා. මතක තියාගන්න God Mode වෙනුවට ඔයාලට කැමති නමක් දාගන්නත් පුළුවන්.

2. Hidden Themes

ඔයාලට මතක ඇති අපි Windows 7 Install කරද්දි අපෙන් අහනවා මුලින්ම Language,Time & Currency  එක එහෙම තෝරනකොට අපි දෙන්නේ English(United States) කියලනේ. ඉතින් අපි මෙතන තෝරන ඉංග්‍රීසි කථා කරන Country එක අනුව themes install වෙනවා. Personalization එකේ මේ Themes පෙන්නුවේ නැති උනාට අපිට මේවා Manually add කරගන්න පුළුවන්. මෙහෙමයි ඒක කරන්නේ


Start menu එකේ තියන Search box එකේ මෙහෙම ටයිප් කරල enter කරන්න
C:\Windows\Globalization\MCT
ඊට පස්සේ ඔයාලට එනව මෙහෙම Window එකක්.



 ඒකේ ඔයාලට පේන්න තියෙන්නේ අනිත් ඉංග්‍රීසි කථා කරන රට වලට අදාල themes තියන Folder ටික.


MCT-AU - Australia
MCT-CA- Canada
MCT-GB - Great Britain ( UK )
MCT-US - United States 
MCT-ZA - South Africa


ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා කැමති Folder එක්ක ඇතුලට යන්න..එකේ තියනවා theme කියල folder එකක් ඒකට ගිහින් ඒකේ ඇතුලේ තියන *.theme කියන file එක double click කරන එක විතරයි. බලන්නකො ලස්සනද කියලා.



 3. Shake to Minimize 

මේක නම් ඉතින් ගොඩක් අමාරු එකක්..හිහිහි.. හිතන්න ඔයාලා බරපතල වැඩක් කරනවා කියලා..Windows ගොඩක් open වෙලා තියනවනම් ඔයාට ඔයා ඒවෙලාවේ වැඩ කරන window එක විතරක් තියාගෙන අනිත් ඒවා එකවරම Minimize කරන්න ඔනෙ නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔනේනම් අයමත් ඒවා එකවරම ගන්නත් පුළුවන්.


ඔයාල වැඩ කරන Window එකේ Title Bar එක දන්නව නේද. ඒකියන්නේ ඔය මම පහල රතු පාටින් කොටු කරල තියෙන්නේ ඒක තමයි.


ඉතින් Title Bar එක Click කරගෙන පොඩ්ඩක් Shake කරන එක විතරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඒකියන්නේ පොඩ්ඩක් එහාට මෙහාට පද්දන්න Title bar එක click කරගෙනම. එතකොට අනිත් windows ඔක්කොම minimize වෙයි. අයෙමත් ඒ විදිහටම කරහම ඒවා නැවතත් open වෙනවා.

4. Quick Launch Bar


Quick Launch Bar එකේ වැදගත්කම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉතින් මෙහෙමයි ඒක ගන්නේ



Task Bar එකේ Right click කරලා Toolbars කියන එකෙන් new toolbar තෝරගන්න



දැන් Window එකක් එනව ඒකේ පහලම තියනවා folder කියල එකක් මෙන්න මේ වගේ 


 ඒ folder කියන තැනට මම මේ පහල දාලා තියන එක copy කරල Select Folder දෙන්න.

%userprofile%\AppData\Roaming\Microsoft\Internet Explorer\Quick Launch

දැන් ඔයාලට පේනවා Task Bar එකේ දකුණු පැත්තේ කෙරවලේ මෙන්න මේ වගේ Quick Launch Bar එක




 5. Windows Mobility Center


නිකමට වගේ Desktop එකේ ඉද්දි Keyboard එකේ Windows key එකත් එක්ක X key එක ඔබල බලන්නකො..ඔයාලට වැදගත් Window එකක් එයි මෙන්න මේ වගේ.





බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

0 comments:

Post a Comment