Friday, August 5, 2011

Windows වලදි "CON" folder එකක් හදන්න බැහැ කියන්නෙ කවුද? මෙන්න හදන විදිහ. හරිම සරලයි





 ඇත්තටම ගොඩක් අය මේක දන්නවා ඇති. ඒකට කමක් නෑ.මේ කියලා දෙන්නෙ නොදන්න අයට දැනගන්න..Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා හොදද...ගොඩක් අය try කරල ඇති Desktop එකේ නැත්තන් C drive එකේ "con" කියලා folder එකක් හදන්න...එත් එහෙම හදන්න බැහැ නේද? ඒත් අපි කවුරුත් නොහිතන විදිහට ඒක හදන්න ඉතාම සරල තියිරියක් තියනවා.

ඒකට කලින් මම කියල දෙන්නම් අමාරු තියරිය මොකක්ද කියලා...ඒක තමයි DOS මාර්ගයෙන් "con" folder එක හදන එක...

මෙහෙමයි ඉස්සල්ලම Start==> Run යන්න
ඊට පසසේ Run එකේ cmd කියලා type කරලා එන්ටර් කරන්න.

cmd එකේ මම පහල දාලා තියන එක ඒ විදිහට‍ම type කරල එන්ටර් කරන්න. Copy කරල cmd window එකට paste කරනවනම් mouse එක යොදාගෙන paste කරන්න..

md \\.\c:\con

දැන් බලන්න C drive එකේ "con" folder එක හැදිලද කියලා..හරි නේද?..ඒත් ඔයාලා try කරල බැලුවොත් ඒක delete කරන්න..ඒක නිකන්ම delete කරන්නත් බැහැ.. ඒක පහල තියන command එක cmd වල type කරල delete කරගන්න පුලුවන්.

rd \\.\c:\con

හරි මේ මම කියල දුන්නේ "con" folder එක හදන්න පුලුවන් අමාරුම විදිහ. එත් සරලම තියරිය හරිම සරලයි..හිහිහිහිහි....ඒක කර‍න්නෙ මෙහෙමයි..

ඉස්සල්ලම C drive එකේ හරි Desktop එකේ හරි new folder එකක් හදාගන්න...

ඊට පස්සෙ ඒක rename කරලා ඒකට con කියල name එක දෙන්න..හැබැයි තවම වැඩේ ඉවර නැති නිසා එන්ටර් කරන්නවත් වෙන තැනක click කරන්නවත් යන්න එපා.. 

con කියලා type කරපු එක එහෙම තියෙද්දිම Alt key එක ඔබාගෙන 255 (Numlock එක තියෙන පැත්තෙන්) (Alt+255) type කරල Alt key එක අතාරින්න.. දැන් එන්ටර් කරන්න.. වැඩේ හරි නේද? බලන්න කොච්චර සරලද කියලා..ඔහොම හදාගත්ත folder එක කිසි ගින්නක් නැතුව delete කරන්නත් පුලුවන්..






Earn money with AlertPay බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

0 comments:

Post a Comment