Thursday, October 7, 2010

එකම Firefox භාවිතා කර වෙනස් Accounts වලින් එකම site එකට log වෙමුද ?


එකම site එකට multiple accounts භාවිතා කරල කලින් log වෙලා තියනවද ? එහෙම කරල ඇති ඒත් ඒ එකම Firefox භාවිතා කරල නෙමෙයි නේද? ඒකට වෙන ‍වෙන Browsers ඔයාල use කරන්න ඇති. ඒකියන්නෙ අයියලා මල්ලිලා ඔක්කොටම එකපාර Facebook වගේ log වෙන්න Mozilla Firefox, Google Chrome, Internet Explorer වගේ තව තවත් Browsers එකපාර open කරගෙන තමයි එහෙම කරන්න ඇත්තෙ. ඒත් එතකොට software‍ 3ක් එකවර process වෙන නිසා PC එකේ speed එක වුනත් ටිකක් හරි අඩු වෙන්න පුලුවන්. අඩු System Space එකක් නම් තියෙන්නෙ අනිවාර්යෙන්ම මේ තත්වය ඇති වෙනවා.
ඒත් Firefox වලට අපි add කරගන්න සමහර Extensions වලින් අපිට එකම Firfox යොදා ගෙන මේ වැඩේ කරන්න පුලුවන්. :).....
ඒකට කියන්නෙ Multifox කියලා. හ්ම්ම් දැන් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා
ඉස්සලම Multifox Homepage එකට යන්න ගිහින් Install Extension කියන button එක Click කරන්න. හැබැයි හොදට මතක තියාගන්න මේක Firfox 4 Beta එකේ නම් ස්ථාපිත කරන්නත් බෑ. අනිත් එක Install Extension දුන්නහම Firefox වල එන Allow button එක click කරන්න අමතක කරන්න එපා හොදේ. :)
  
ඔයාලා අනිත් Extensions Install කරල තියනවා වගේ මේකත් Install කරන්න. මම Screen shots ටිකකුත් දැම්මා ඔයාලට ‍ලේසි ‍වෙන්න.
 

ඊටපස්සෙ Firefox Restart කරන්න 


දැන් හරි. දැන් ඔයාලා සම්පූර්ණයෙන් මේක Install කරලා ඉවරයි. දැන් බලමු අපි කොහොමද මේක use කරන්නෙ කියලා. :)
ඉස්සල්ලම Firefox open කරන්න. ඊටපස්සෙ File ගිහින් New Identity Profile click කරන්න 
 
එතෙකාට අලුතෙන් open වන firefox වල address bar එකේ අන්තිමට අංක 2 වැටිලා තියෙයි මේ විදිහට
 දෙවෙනියට open වුන Firefox window එකෙන් අයමත් New Identity Profile එකක් open කරගත්තහම Firefox window එකක් open වෙයි 3 කියලා වැටිල. ඒවිදිහට ඕනතරම් Windows ඔයාලා open කරගන්න. :)


4 comments:

Ela ela!!!
Mama meka godak kaleka indan hoya hoya hitiye!
Google talk & Yahoo messenger walatanam wenama log wenna puluwan. bt fb yanna kramayak nathuwa hitiye!!! ela!!!

hahaha... dan harine... oya thiyenne ekata elamakiri krame. :D.. any way , thnks for the comment

Good one bro.. Thanks for sharing..

:) u r welcome brov : .. thnx for the commnt

Post a Comment