Friday, November 26, 2010

අපි කවරුත් දන්න Live Traffic Feed හි කවුරුත් නොදන්න edit කිරීමක්( Live Traffic Feed වෙනුවට අපිට කැමති නමක් සහ තවත් දේවල් )


හ්ම්ම් Live Traffic Feed කියන එක edit කරන්න පුලුවන් වෙයි කියලා හිතුවෙ නෑනේද? මොකද අපි free live traffic feed එකක් දාගන්න නිසා අපිට ඉතා සීමිත විදිහකට‍ ඒ කියන්නෙ Condition ගොඩක් යටතේ තමයි මේක අපේ Blog එකට එකතු කරන්න වෙන්නෙ.ගොඩක් කිව්වට ගොඩක්ම නෑ ඉතින්. හිහිහි :)


මම මේක දැන ගෙන නම් ටික කාලයක් වෙනවා.ඒක මගේ Blog එකට ඉස්සර ආපු අය දැකල ඇති.ඒත් post එකක් දාන්න තරම් දෙයක් කියලා හිතුවෙ නෑ. ඒත් මම ගොඩක් blogs බලනකොට මට තේරුණා‍ මේ ගැන Post එක්ක දැම්මොත් හොදයි කියල. ඇත්තමට මට මේක අත්හදා බලන්න වුනේ මගේ හොදම යාලුවෙක් වෙන ආසිරි චාමර ( මෙහෙම කිව්වට දන්නවද දන්නැ....  :P ඒත් Hackingපංතියේ අයිතිකරු කිව්වොත් තමයි ගොඩක් අය දන්නේ). එයාගේ blog එ‍කේ post එකක් දාලා තිබුනා flash banner එකක් add කරගන්න flashvortex.com කියලා site එකක් පිළිබදව. එකෙදිත් Banner එකේ එයාලගේ Site එකේ name අයින් කරගන්න මේ ක්‍රමේ ‍හරියනව කියල දාලා තිබුනා. ඒත් මම ඒක කරන දවස් වෙද්දි වැඩේ හරිගියේ නෑ. Site එකේ අයිතිකා‍රයෝ ඒක හරිගස්සලා. ඒත් ඔන්න Feedjit අයනම් තවම මේක හදල නෑ.ඒකනිසා ඉක්මනට කරගන්න තරමට තමයි වාසි.වැ‍ඩේ කියන්නේ ආසිරිගෙ Blog එකෙත් live traffic feedම තමයි තියෙන්නෙ.හහිහිහිහි :P
හ්ම්ම් දැන් ගොඩක් වෙලා කතා කරානේ. දැන් බහිමු වැඩේට.

1) පියවර -  මුලින්ම යන්න FEEDJIT එකට. 

2) පියවර - ඊට පස්සෙ ඒකෙ තියන  Choose your feedjit කියන එක Click කරන්න


3) පියවර - ඊට පස්සේ Feedjit Completely Free කියන එ‍කේ Sign Up click කරන්න


4) පියවර - දැන් එන එක පුරවන්න ඔයාලගේ Details දීලා ඒත් අර News Letters වලට Subscribe කරන ටික් එක් දාන්න ඕනෙ නෑ. අවශ්‍ය අය ඒක දාන්න. බොරුවට Email එක news letters වලින් පුරවගන්න ඕන නෑනෙ.

5) පියවර - දැන් ඔයාලට පහලින් තියන ‍form එක එනවා කැමති දේවල් edit කරන්න..


6) පියවර - දැන් ඔයාලට පේනව ඇති Advance Option තියන හරිය highlight වෙලා නෑ කියලා. ඒ අපිට edit කරන්න දෙන්නෙ නැති නිසානේ.අපිට ඒවට Click කරන්නත් බෑ.ඒත් අපිට Click කරල edit කරන්න පුලුවන් සමහර දේවල් තියනවනේ. ඒ කියන්නෙ Widget එකේ Width එක Color එක වගේ දේවල්. දැන් ඔයාලා ඒ එකකට click කරන්න ඒත් edit කරන්න ඕනෙම නෑ. ඕනෙමනම් edit කරත් කමක් නෑ. Select Widget Width කියන එකට හරි Number of Visitors කියන එකට හරි Click කරොත් වැඩේ ලේසියි. 

7) පියවර - දැන් Keyboard එකේ Tab key එක press කරල අපිට පුලුවන් අර අපිට Click කරන්නවත් බැරි තැන් වලට යන්න.. කොහොමද වැඩේ හොදයි නේද? හිහිහ... ඉස්සල්ලම Tab Key එක Press කරහම Page එකේ උඩට යයි.ඒත් ඔයාලා බය වෙන්න එපා.ඉවසීමෙන් අපිට ඕන තැනට එනකන් Tab Key එක Press කරන්න. ඊටපස්සේ ටික් දාන්න ඕන තැන් වලට ආවහම Space Bar එක Press කරන්න. මෙන්න මම පහලින් edit කරල තියනවා බලන්න.



8) පියවර - දැන් වැඩේ හරි දැන් GO කියන එක Click කරල Feedjit එක Blogයට ඇතුලත් කරන ඉතුරු ටික ඔයාලට කරගෙන යන්න පුලුවන්නේ. එහෙනම් දැන් ඇතිනේ. බලන්නකො වැඩේ කොහොමද කියලා. Comment එකකුත් දාන්න අමතක කරන්න එපා හොදද... :)




4 comments:

අයියේ මේ වගේ සිලෙක්ට් කරන්න බැරි කොටස් හැම වෙබ් සයිට් එකකම වගේ තියෙනවානේ... ඒවා වලත් මෙහෙම කරන්න පුලුවන් නේද???? සමහරක් විට හරියයි... තැන්ක්ස්!

me wage seen 1kak wix walata karanan barida kolla??

@ trix malli - හ්ම්ම් :-/ මම හිතනවා ගොඩක් තැන් වලට මේ ක්‍රමේ හරි යයි කියල ඔයා Try එකක් දාලා හරියන තැන් තියනවනම් Comment එකක් දානන් හොදේ... :)
@bla bla bla- :D machan mama WIX walata nam try karala baluwe naha..

Post a Comment