Wednesday, December 22, 2010

PC එක Speed කරන තවත් ලේසිම ක්‍රම - 3වන කොටස

 

මීට කලින් මම දාපු PC එක speed කරන ලේසි ක්‍රමයක් සහ PC එක speed කරන්න maxxa Softwre එකක් කියන post දෙකටම මේකත් අදාලයි..මොකද මේකෙනුත් මම කියල දෙන්න යන්නේ PC එක Speed කරන්න අපිට කරන්න පුලුවන් ලේසි ක්‍රම කීපයක් ගැනයි. දවස් 2ක 3කින් Post එකක් දාන්න බැරිඋනේ කාර්යබහුලව හිටපු නිසයි..හම්ම් බලමු අද වැඩේත් ඔයාලට සාර්ථක දෙයක් වෙයිද කියලා.. 
හ්ම්ම් දැන් අපි බලමු කොහොමද මේ වැඩ ටික වෙන්නෙ කියල..මම පලවෙනියට කියල දෙන්න යන්නෙ My Computer open කරහම open වෙන්න වෙලා යනවනම් ඒකියන්නේ Window එක  open වෙලා ඒත්  Drive ටික Search කරනවනම් ගොඩක් වෙලා කොහොමද ඒක Speed කරගන්නෙ කියලා..

හ්ම්ම් හරි පැයකට විතර පස්සෙ හරි my computer open වුනා කියමුකො..:P
දැන් my computer වල තියන Tools Click කරල Folder Option යන්න..



  
එතකොට පහල තියනවා වගේ Folder Option Window එක එයි..එතනින් View තෝරලා ඒකේ පලවෙනියටම තියන Automatically Search For Network Folders and Printers-OFF කියන එක uncheck කරලා Apply==>Ok කරන්න..හ්ම්ම් දැන් පලවෙනි වැඩේ හරි..දැන් බලන්නකෝ කොහොමද my computer open වෙන speed එක කියලා.. :)


හරි දැන් බහිමු දෙවනි ක්‍රමයට...මේකත් අරවගේම ලේසිම ලේසි වැඩක්..මේකෙන් කරන්නෙ අපිට වැඩක් නැති Files වගයක් delete කිරීමයි.. මේක මම ඉගෙන ගත්තෙ මගේ හොදම යාලුවෙක් වන අයෝම ගෙන්..ඔහුට ස්තූති කිරීමට මම මේක අවස්ථාවක් කරගන්නවා..
අපි දන්නවා Computer එක Start වෙද්දි Startup එකේ තියන ඒවා නිකන්ම open ‍වෙනවනේ. උදාහරණයක් වශයෙන් Anti Virus program එක, IDM, Yahoo Messenger සහ තවත් එක එක දේවල් තියනවනේ..මේව ගැන යම්කිසි තොරතුරු ටිකක් ගබඩා කරගන්න තැනක් තියනවා.හැබැයි අපේ Computer එක මුල ඉදලම දාපු සමහර අපි දැන් මකලත් අවුරුද්දක් විතර වෙන Software වල Startup තොරතුරුත් මේකෙ ගබඩා වෙලා තියනවා. ඉතින් අපිට ඒව‍ගෙන් දැන් කිසිම වැඩක් නෑනෙ....ඉතින් හැම startup එකේදීම ඒවා read කරන්න ගියහම PC එක Slow ‍වෙනවා.. 

අපි දැන් බලමු මේවා අයින් කරගන්නෙ කොහොමද කියලා..

Start ==> Run ගිහින් %windir% කියලා type කරල enter කරන්න.
(එතකොට යන්නෙ C:\WINDOWS folder එකට.)

ඒකෙ තියනව Prefetch කියලා Folder එකක්...ඒක open කරන්න..


දැන් ඒ Folder එ‍කේ තියන ‍සේරම Files ටික Delete කරන්න...
සමහර files delete කරන්න දුන්නැත්තන් දැන් process  වෙන ඒවා අයින් කරල delete කරන්න. බයවෙන්න එපා..දැන්  PC එක Reboot කරන්න..
එත‍කොට ඉබේම PC ඒකට අවශ්‍ය , දැන් තියන Software වල ‍Startup files ටික Prefetch folder ඒකේ හදාගන්නවා..දැන් බලන්නකෝ PC එකෙ ‍Speed ඒක කොහොමද කියල..


තුන් වන ක්‍රමය නම් ඔයලා දැනටමත් කරල ඇති කියල මම හිතනවා..මෙක කරන්න පුලුවන් මම කලින් PC එක Speed කරන්න දුන්න maxxa Software එකෙන්... :) . ... එකේ තියන Optimize system කියන tab එක තෝර‍ගෙන අපිට තුන් ආකාරයකින් PC එ‍කේ Speed එක වැඩි කරගන්න පුලුවන්..





Earn money with AlertPay

0 comments:

Post a Comment